ඔබෙත් මගෙත් සුසුම් මුසුවන හන්තාන පාමුල සැරිසරන්නට අවසරයි

Sunday, December 29, 2013

ඔහුයි තාත්තා



පිය සෙනෙහසට කිවි ගී ලියවුනා මදී..............

දසමසක කුස තුල දරුවෙකු තබාගෙන ඒ දරුවා මෙලොවට බිහිකර බහ තේරුම් ගන්න පුළුවන් කාලයක් වෙනකම් හොදනරක කියා දෙමින් රැකබලා ගන්නා අම්මල අපිට මේ ලෝකො සුලභව දැක ගන්න පුළුවන්. ඒ වගේම ඉපුදුනු ගමන් දරුවන් වැසිකිලි වලවල් , කානු , කුණු භාජනවලට දමා යන මව්වරුන්ගෙන්ද මේ පුණ්‍ය භූමිය නිමවී තිබේ.
මෙය අපිරිමිත දරු සෙනෙහස තම හදවතේ සටහන් කලකත් අපේ කාලේ පිය දෙවියෙකුගේ කතාවකි.

මම ඊයෙ උදේ කැම්පස් එකට යන්න කෑගල්ලෙන් බස් එකට නගිනවා. ඒ මගේ යාලුවො කිහිප දෙනෙකුත් සමගින්. බස් රථය ටික දුරක් ඇදී යත්දි තවත් අපේ ගමන් සගයන් පිරිසක් අප හා එක් වෙනවා. අපි අපේ දේවල් කතා බහ කරමින් යන අතර තුර වයස 50 සීමාවට ආසන්න වූ අයෙක් යැයි කිවහැකි පුද්ගලයෙක් සමග ඊටත් වඩා වැඩිමහළු පුද්ගලයෙක් බස් රථයට ගොඩ වෙනවා. මොවුන් දෙදෙනාද අප ආසන්නයේ වූ ආසන දෙකක වාඩිවී කතා බහක යෙදෙනවා. මොවුන් දෙදෙනාගෙන් එක් අයෙක් අවුරුදු 22ක් යුධහමුදා සේවයේ යෙදුනු අයෙක් අනෙත් පුද්ගලය පෞද්ගලික ආයතන කිහිපයක රැකියාවෙ නියුතු වූවෙක්.මෙහි කතා නායකයා වන්නේ විශ්‍රාමික යුධහමුදා සෙබලාය.
ඔහු යන්නෙ නව රැකියාවක් සොයාගෙනය. ජීවන බර අහස උසට නැග ඇත. ඔහුට දරුවන් දෙදෙනෙකු සිටින බව ඔවුන්ගේ කතාවෙන් මං තේරුම් ගත්තා. එක් දරුවෙක් මෙවර සාමාන්‍ය පෙළ සදහා සහභාගී වන්නෙකි. අනෙකා පහල පංතියක අකුරු කරන්නෙකි.
දරුවන් යනු මවුපියන්ට හිමිවන අමිලම සම්පතයි. මොහු වෙර දරන්නෙ ඒ ලැබුන සම්පතට කිසිදු අඩුපාඩුවක් නොවන්නට වගබලාගන්නයි.
ඔහු සමග බසයට ගොඩවූ අනෙක් පුද්ගලයා ඔහුගේ රැකියා ස්ථානය ගැන මොහු සමග පවසයි. ඔහු එය හොදින් අසා සිටින බව මං ඒ දෙස බැලූ විට දකින්නට වුනි.
ඒ පුද්ගලයා රැකියාවේ නිරත වෙන්නේ හාඩ්වෙයාර් ආයතනයකය. ඔහු ඒ පිළිබදව ගුණවර්ණනා ඉදිරිපත් කරමින් අර යුධවිරුවා ඒ දෙසට ඇද ගැනීමට වෙහෙස විය. මේ අවස්ථාවේ මා නිහඩ වී ඔවුන් දෙදෙනාගේ සංවාදය දෙස බලා ඉන්නට යොමුවන්නට වුනා. ඒ ඔහුගේ සංවේදී කතාවට මාද නිරුත්තර වූ නිසාය.
ඔවුන්ගේ කතාව අතර තුර එම පුද්ගලයා මෙසේ කියනවා.
(අයියෙ මම අවුරුදු 22ක් හමුදාවෙ හිටියෙ. මම ඒකෙන් අයින් වුනාම මට හම්බුනෙ පෞද්ගලික ආරක්ෂක රැකියා. එව්වගෙ වැඩකරන්න දැන් මගේ ආසාවක් නෑ. දැන් මම කැමතියි රෑටවත් ගෙදරට වෙලා පොඩි එවුන් එකක් ඉන්න....)
ඒ වෙලාවෙ මට ඒ පුද්ගලයාගෙ තත්වය මනාව වටහාගන්නට පුලුවන් වෙනවා. අවුරුදු ගානක් තම දරුවන් එක්ක ඉන්න බැරි වුන ඔහුට දැන් ඒ අවස්ථාව ලැබී තියෙනවා. ඒත් ජීවන බර නිසාම යලිත් ඒ නිදහස ඒ සතුට ඔහුට නැතිව යන බව ඔහු වටහා ගන්නවා. එයට දැන් ඔහු එතරම් කැමැත්තක් දක්වාන්නෙ නෑ.
ඔහු අනෙකාට ඔහුගේ පවුල ගැන විස්තර කරනවා.
(අයියෙ මගේ නෝනටත් අසනීපයිත එයාට රැකියාවක් කරන්න විදිහක් නෑ. මට ඕනෙ පොඩි එවුන් දෙන්නට හෙදට උගන්යන්න.)
ඔහු දැන් හොයන්නේ තව දුරටත් ආයුධ අමෝරාගෙන රැයක් දවාලක් නැතිව වැඩ කල හැකි රැකියාවක් නොව හවසට ගෙදර ගොස් දරැවන් සමග සතුටු විය හැකි රැකියාවකි. අනෙක් පුද්ගලයා ඔහු රැකියාවේ නියුතු ආයතනයේ ඇති පුරප්පාඩු ගැන මේ පුද්ගලයාට පැහැදිලි කරන්වා. ඒවා අතරින් ඔහුට එකක් තෝරා ගන්න වෙනවා. ඔහු ලොරි රථ සහයකයෙකු වෙන්න කැමති වෙනවා.
අවසානයේ දශක තුනක යුද්ධයක් නිමා කරන්නට ආයුධයට පන දුන් විරුවෙක් අපිරිමිත දරු සෙනෙහස නිසාම හාඩ්වෙයාර් එකක ලොරි රථයක සහයකයෙකු වෙන්න හිතා යන්නවා. දරුවන් වෙනුවෙන් තුවක්කුව හුරු දෑතට සවල උදැල්ල ගන්න මේ පියාට සිද්ධවෙනවා.
ගෙවල් වලට වෙලා තමන්ගෙ ගෑනි රට ඉදන් එවන සල්ලි වලින් කකා බිබී ඉන්න බේබදු තාත්තල ඉන්න මේ රටේ මම දකින විදියට මේ තාත්ත දෙවි කෙනෙක්...

සටහන - වින්දික රත්නායක

No comments:

Post a Comment