ඔබෙත් මගෙත් සුසුම් මුසුවන හන්තාන පාමුල සැරිසරන්නට අවසරයි

Wednesday, January 8, 2014

බඩුවක් ගහමුද?? මේ ගැනත් ටිකක් දැනගන්න...



ගණිකාව ‍නෙහොත් බඩුව...

ඇත්තටම මේ කවුද? ඇයි මේ විදිහට හදුන්වන්නේ? මේ අය මොකද කරන්නේ? දන්නෙ නැති එකාට ප්‍රශ්ණ ගොඩයි. මම කලින් දිනක ගණිකාවක් සමග කල කතාබහක් ගැන සැකසූ සටහනක් ඉදිරිපත් කල අතර එහිදී මේ ගණිකාව එහෙමත් නැත්නම් නූතනයේ පාවිච්චි වන සුලභ හැදින්වීම වන බඩුව ගැන ඔබට දැන ගන්නට හැකි වන්න ඇතැයි මම විශ්වාස කරනවා.

ගණිකාව කියන්නෙ කාටද ඒක වෙන්නෙ කොහොමද කියල මම කියන්නම්.
කැම්පස් එකේ සමාජවිද්‍යාව කරන එවුන්ට නම් මේක ගොඩක්ම වැදගත් වෙයි. ඒ නිසයි මම මේ සටහන අද ලියන්නේ.....

ගණිකා වෘත්තිය ලොකයේ ඇති පැරණීතම වෘත්තය ලෙස හැදින්විය හැක. එයට දීර්ඝ ඉතිහාසයකි. බුද්ධ කාලයේ පවා මේ වෘත්තිය පැවති බවට සාධය ඇත. චිංචි මානවිකාව, සිරිමා , අම්බපාලි , වැනි ගණිකාවන් පිළීබදව සදහන් වේ. එම ගණිකාවන්ගේ දුරුගුණ මෙන්ම යහගුණ පිළිබදවද ඉතිහාසයේ සදහන් වේ.
අඹු සැමියන් අතර ඇතිවන ලිංගික සම්බන්ධතා හැරුණු විට ඉන් පරිබාහිරව අනියම් ලිංගික සබදතා ඇතිවීම සමාජ සම්්මතයට එරෙහි වයීමක් ලෙස හැදින්වේග නමුත් එවැනි අනියම් සබදතා ගණිකා වෘත්තියක් වන්නේ ද නැත. එය ගණිකා වෘත්තිය ලෙස අර්ථ ගැන්වීමට මූලික කරුණූ කීපයක් සපුරාලිය යුතුය.

  1. එය ඕනෑම ස්ත්‍රියක් ඕනෑම පුරුෂයෙක් සමග සිදුවන ලිංගික සබදතාවයක් විය යුතුය.
  2. එය කිසියම් මුදලක් හෝ ත්‍යාගයක් හෝ කිසියම් දීමනාවක් අපේක්ෂාවෙන් සිදුවන ලිංගික සම්බන්ධතාවයක් විය යුතුය.
  3. එය පවතින සාරධර්ම වලට පටහැනි වූ හැගීම් සහගත නොවන ලිංගික සම්බන්ධතාවයක් විය යුතුය.
ගණිකා වෘත්තිය යනු කුමක්දැයි සමාජ විද්‍යා විෂ්ව කෝෂයේ (ENCLOPEDIA OF SOCIAL SCIENCE)

ගණිකාව යනු ,

පුරුද්දක් වශයෙන් හෝ වරින් වර හෝ කිසියම් මුදලක් , ත්‍යාගයක් හෝ දිමනාවක් අපේක්ෂාවෙන් සිරිත් විරිත් යම් ප්‍රමාණයකට නොසලකා හරිමින් ලිංගික සම්බන්ධතා පවත්වන තැනැත්තිය වේ.

                        ගණිකා වෘත්තිය ලෝකයේ ඇති පැරණිතම වෘත්තිය ලෙස සැලකේ. මහා කවි කාලිදාස ශ්‍රී ලංකාවට පැමිණ එවකට විසූ කුමාරදාස රජතුමන් සමග කුමාර කාලිදාස වෘත්තාන්තය ලියූ බවත් මොවුන් දෙදෙනාම එකම ගණිකාවක් සමග ජීවත් වූ බවත් සදහන් වේ. එසේම ඉන්දියාවේ දේවදාසීන් හින්දු කෝවිල් වල ආගමික කටයුතු සදහා කැප වුනු පිරිසක් විය.

ඔවුන්ට පැවරී තිබූ කාර්යය වූයේ,

  1. කෝවිල තුල නාට්‍යාංගනාවන් වශයෙන් කටයුතු කිරීම.
  2. කෝවිලේ පූජකයන්ට ලිංගික සේවය සැපයීම.
  3. කෝවිලට පැමිනෙන වෙනත් පුද්ගලයින් වෙනුවෙන් ලිංගික සේවය සැපයීමයි.
මෙයින් පැහැදිලි වන්නේ  මොවුන් ගණිකාවන් වශයෙන් හදුනාගත හැකි බවයි. අතීතයේද කාන්තාවන් සදහාම වෙන් වූ වෘත්තියක් ලෙසට පත්වී තිබූ මේ වෘත්තිය සමාජ නවීකරණයත් සමගම විවිධ දිශාවන් දක්වා දිශාගත වී තිබේ.
ඒ අනුව ගණිකා වෘත්තිය ප්‍රභේද 4කි.

  1. ස්ත්‍රි ගණිකා වෘත්තිය                        -           FEMALE PROSTITUTION
  2. පුරුෂ ගණිකා වෘත්තිය                     -           MALE PROSTITUTION
  3. ළමා ගණිකා වෘත්තිය                       -          CHILD PROSTITUTION
  4. සමලිංගික ගණිකා වෘත්තිය              -           HOMOSEXUAL PROSTITUTION





ළමා ගණිකා වෘත්තිය හා සමලිංගික ගණිකා වෘත්තිය මෑත ඉතිහාසයේ සමාජ විපර්යාස ක්‍රියාවලිය සමග ඇති වූ තත්වයකි. ආසියාතික රටවල් ළමා ගණිකා වෘත්තියට ඉමහත් ප්‍රසිද්ධියක් උසුලනු ලබයි. ප්‍රසිද්ධ සංචාරක සගරාවක් පවසන්නේ , ගණිකාවක් අවශ්‍යනම් තායිලන්තයට යන්නටත් , ළමා ගණිකාවක් අවශ්‍ය නම් ශ්‍රී ලංකාවටත් පැමිණිය යුතු බවයි. ඒ අනුව ශ්‍රී ලංකාව පිරිමි ළමා ගණිකා වෘත්තියේ පාරාදීසය ලෙස සැලකේ. අධි සංවර්ධනය වූ රටවල සමලිංගික ගණිකාවන් හදුනාගත හැකිය. විශේෂයෙන්ම සමලිංගික විවාහ නීතිගත කොට ඇති රට වල සමලිංගික ගණිකාවන් හදුනාගත හැකිය.
ස්ත්‍රී ගණිකා වෘත්තිය පිළීබදව අතීතයේ පටන්ම වඩාත් කතාබහට ලක්වන අතර  මූලික කොටස් කිහිපයකින් දැක්විය හැකිය.

  1. විභව ගණිකාව - විභව ගණිකාව යනු නිශ්චිත වශයෙන්ම ගණිකාවන් නොවූ එහෙත් ගණිකා වෘත්තිය සදහා හුරුවෙමින් පවතින කාන්තාවන් වේ.
  2. ලාභාල ගණිකාව - ලාභාල ගණිකාව යනු ඉතා අඩු වයසින් ගණිකා වෘත්තියට පිවිසි පිරිස වේ. මොවුන් ඉතා ලාභාල වයසින් ගණිකා වෘත්තියට පිවිසෙන නිසා පසු කලෙකදී ඉතා සාර්ථකව එම වෘත්තියේ නියැලීමට හැකියාවක් පවතින පිරිස වේ
  3. වීදි ගණිකාව - වීදි ගණිකාව යනු නගරයේ ප්‍රසිද්ධ ස්ථාන වල ,නගරයේ වීදි වල සැරිසරමින් ගණිකා වෘත්තියේ නැයැලෙන පිරිසයි. ඔවුන් ඉතා අපිරිසිදු පහත් ආර්ථික ත්වයකට හිමිකම් කියයි.
  4. ස්ථානීය ගණිකාව - ඇය නිශ්තිත ගණිකාව ලෙසින්ද හැදින්වේ. මෙම ගණිකාවන් කිසියම් නිශ්චිත ස්ථානයක ගත කරමින් වෘත්තියේ නියලේ. බොහෝ විට මොවුන්ගේ නිශ්චිත ස්ථානය ගණිකා නිවාසයයි.
  5. සංචාරක ගණිකාව - මොවුන් විශේෂ උත්සව ස්ථාන වල ගැවසෙමින් ගණිකා වෘත්තියේ නියැලෙන කාන්තාවන්ය. සැනකෙළි භූමිවල , පෙරහැර කාලවල එම ස්ථාන ආශිතව සැරිසරමින් මොවුන් ගණිකා වෘත්තියේ යෙදේ.
  6. මධ්‍යම පාන්තික ගණිකාව - ඇය සුපිරි ගණිකාව වශයෙන්ද හදුන්වයි. සුපිරි ගණිකාවන් රැකියාවන් කරන අතරවාරයේ අමතර ආදායමක් අපේක්ෂාවෙන් ගණිකා වෘත්තියේ නියැලෙන කාන්තාවන් වේ. මොවුන් කිසියම් ප්‍රමාණයකට අධ්‍යාපන දැනුමක් , වෘත්තීය නිපුනතාවයක් ලබා ගත් කාන්තාවන් වේ
  7. විලාසිනියන් - මේ යටතේ මෝස්තර නිරූපිකාවන් , නිලියන් , රූපරාජිනියක්, සම්භාහන ආයතන වල සේවය කරන කාන්තාවන් අයත් වේ. විලාසිනියන් වශයෙන් හැදින්වෙන ගණිකාවන් බොහෝ විට රටේ ප්‍රසිද්ධ නමක් දරණ පුද්ගලයන්වේ. එසේම මෙම කාන්තාවන්ට ඉතා ඉහල ඉල්ලුමක් මෙන්ම වැඩි මිල ගණන් අයකිරීමක්ද පවතින බව පෙනේ.
  8. දුරකතන ගණිකාවන් - මොවුන් දුරකතන මාර්ගයෙන් රටේ ඉහල තනතුරු දරණ අය සමග සම්බන්ධතා පවත්වයි. බොහෝ සුපිරි හෝටල් වල දුරකතන ගණිකාවන්ගේ ඡායාරූපය , දුරකතන අංකය සහිත ලේඛනයක් ඇත. එම ලේඛනය මගින් පුද්ගලයන් දුරකතන ගණිකාවන් සමග සම්බන්ධවේ.
  9. අධිපති ගණිකාව - ඇය මැඩම් ගණිකාව ලෙසද හැදින්වේ.මොවුන් කාලාන්තරයක් ගණිකා වෘත්තියේ නියැලී ලබා ගත් අත්දැකීම් මත ගණිකා නිවාසයක් පවත්වාගෙන යන පිරිස වේ. මොවුන් යටතේ ගණිකා නිවාසය තුල තවත් ගණිකාවන් ජීවත් වේ. අධිපති ගණිකාවගේ ආර්ථික මට්ටම ඉතා ඉහල මට්ටමක් ගනී.
  10. වවුල් ගණිකාව - වවුල් ගණිකාව යනු කාලයක් තිස්සේ ගණිකා වෘත්තියේ නියැලී වයසට පත්වූ අය වේ. වයසට පත් වූවත් පුරුද්දක් වශයෙන් ගණිකා වෘත්තියේ නැයැලෙන කාන්තාවන්ය. මොවුන් සදහා ඇති ඉල්ලුම ඉතා පහලය.
ගණිකා වෘත්තිය නීතිගත කොට ඇති ඇමරිකාවේ ඇතැම් ප්‍රන්ත වල ගණිකාවන් තම අනන්‍යතාව පෙන්නුම් කරන්නේ එක් කනක රතු කරාඹුවක් පැලදවීමෙනි. ඔවුන්ගේ අතේ වෛද්‍ය සහතිකයක්ද තිබේ. ගණිකා වෘත්තිය ඕනෑම මානව සමාජයක් තුල සාරධර්ම පිරිහීමට , පවුල් ආරවුල් ඇති වීමට , ලිංගික සම්පේෂන රෝග ඇතිවීමට ඒවා ව්‍යාප්ත වීමට හේතුපාදක වේ. නමුත් අතීතයේ පටන්ම පැවත එන රැකියාවක් වශයෙන් වර්තමානය දක්වාම ගණිකා වෘත්තිය ලෝකයේ ඕනෑම රටක පාහේ ව්‍යාප්ත වී තිබේ. දැඩි ලෙස ආගමික තහංචි ක්‍රියාත්මක වන මැදපෙරදිග කලාපය තුල ගණිකා වෘත්තියට පවතින්නේ ඉතා අඩු වැදගත්කමක් එසේම ගණිකාවන් වෙනුවෙන් දරුණු වදහිංසා පැමිණවීම අරාබි ලෝකයේ තුළ දැකිය හැක.


  1. ගණිකා වෘත්තිය ඇතිවීමට බලපාන හේතු සාධක රැසකි,
  2. අයහපත් පරිසරය
  3. පවුල් පසුබිම තුළ තමන්ගේ මව සහ ආච්චි ගණිකාවන් වීම
  4. ආර්ථික අපහසුතාවය හා දරිද්‍රතාවය
  5. සංස්කෘතික තහංචි
  6. නොදැනුවත්කම
  7. විරැකියාව
  8. සමාජය පිළිබද පවතින ආකල්ප
  9. තරුණ වියේදී ඇතිවන අසීමිත ලිංගික අවශ්‍යතා නිසා ගණිකාවන් ඇසුරු කිරීම
  10. අවිවාහක මාතෘත්වය
  11. ලිංගික ගොදුරු බවට පත්වීම
  12. ගමෙන් නගරයට සංක්‍රමණය වීම හා නගරය තුල පවතින වටපිටාව
  13. සුඛෝපභෝගී ජීවන රටාවට අවශ්‍ය පසුබිම ගණිකා වෘත්තිය විසින් සාධනය කිරීම
  14. විවාහය පිළීබදව පවතින ආකල්ප හා වැන්දඹු භාවයට පත්වීම
අවිවාහක මාතෘත්වය පදනම් කරගෙන කාන්තාවන් ගණිකාවන් බවට පත්වන බැව් විලියම් බොන්ගර් (WILLIAM BONGER) සදහන් කරයි. කාන්තාවන් තුල පවතින අසීමිත ලිංගික ආශාවන් ගමෙන් නගරයට සංකුමණය බොහෝවිට ගණිකා වෘත්තිය ඇති වීමට හේතුවේ. කෙසේ වුවත් ගණිකාවන් නිසා ලිංගික අපචාර අඩුවන බව අපරාධ විද්‍යාඥයෝ දක්වා තිබේ. තරුණයන් , සල්ලාලයන් , ස්ත්‍රී දුෂකයන් අවශ්‍යතාවයන් ගණීකාව මාර්ගයෙන් ඉටුවීමේදී රටක ලිංගික අතවර , ස්ත්‍රී දූෂන විශාල වශයෙන් අඩුවන බව අපරාධ විද්‍යාඥයෝ පෙන්වා දෙයි.නමුත් ගණිකා වෘත්තිය මගින් සමාජය පැහැදිලිවම බිදවැටීමට ලක්වේ. අඹු සැමියන් , දූ දරුවන් ගණිකා වෘත්තිය නිසා අනාත අසරණ භාවයටත් අපකීර්තියටත් භාජනය වේ. ගණිකා වෘත්තිය මගින් ඇතිවන අයහපත්ම ප්‍රතිඵලය වන්නේ ලිංගික සම්ප්‍රේෂන රෝග රෝග ව්‍යාප්තියයි. ලිංගික සම්ප්‍රේෂන රෝග ව්‍යාප්තිය මගින් නිරෝගිමත් ශ්‍රම බලකායක් රටට අහිමි වේ. විශේෂයෙන්ම වර්තමාන ලෝකය මුහුන දී තිබෙන බරපතලම ගැලටලුව වී තිබෙන්නේ ඒඩ්ස් රෝගය ව්‍යාප්ත වීමයි. වර්තමාන ලෝකයේ ගණිකා වෘත්තිය වඩාත් ප්‍රචලිතව පවතින්නේ තායිලන්තය තුලය. තායිලන්තය හා බොහෝ අප්‍රිකානු රටවල එච් අයි වී ආසාධිතයන්ගේ ප්‍රමාණය ඉතා ඉහල අගයක් ගන්නා බැව් වාර්තා වේ. ශ්‍රී ලංකාව තුලද වර්තාගත නොවූ එව් අයි වී ආසාධිතයන් විශාල ප්‍රමාණයක් සිටින බව අනාවරනය වී ඇත.
දෙවන ලෝක යුද්ධය අවසානයත් සමග අසභ්‍ය චිත්‍රපට , අසභ්‍ය ලේඛන , වල සීඝ්‍ර ව්‍යාප්තියක් සිදුවිය. ඒ අනුව ගණිකා නිවාස බහුල වශයෙන් ව්‍යාප්ත විය.අවසානයේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝකය පුරාම සමාජ ආර්ථික විපර්යාසයන් පෙරලා ගණිකා වෘත්තිය මැඩලීමට විවිධ ක්‍රියාමාර්ග රැසක් විවිධ රජයන් විසින් ක්‍රියාකිරීමට සැරසුනත් ඒවා සාර්ථක ක්‍රියාමාර්ග වශයෙන් සිදුනොවිනි. කෙසේ වුවද ගණීකා වෘත්තිය මැඩලීමට ගත හැකි ක්‍රියාමාර්ග මෙසේ දැක්විය හැක.


  • නීතිය තුලින් දැඩි පාලනයක් ඇති කිරීම.
  • ලිහිල් දඩුවම් ක්‍රම ඉවත් කර රළු දඩුවම් ක්‍රම ඇති කිරීම.
  • පවුල් සංස්ථා තුළ සිරිත් විරිත් සාරධර්ම ධර්මතා හා අනෞන්‍ය සබද කම් නගා සිටුවීම.
  • පාසැල් මට්ටමේ සිට විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලබා දීම.
  • ද්විතියික හා උසස් අධ්‍යාපනය තුලින් පුද්ගලයා දැනුවත් කිරීම.
  • දියුණු සන්නිවේදන මාධ්‍යයන් උපයෝගී කරගෙන ගණිකා වෘත්තියේ පවතින නිශේදනාත්මක බලපෑම පිළිබද දැනුවත් කිරීම.
  • ගණිකා නිවාස ව්‍යාප්තිය ඇතිවීමට එරෙහිව රජයේ මැදිහත් වීමෙන් විවිධ ක්‍රියාමාර්ග ගැනීම.
  • දරිද්‍රතාව අවම කිරීම සදහා සංවර්ධන උපාය මාර්ග යෙදවීම හා සුභසාධන කටයුතු දියත් කිරීම.
  • කාන්තා පිරිමි දෙපාර්ශවයටම නියමිත වයසකදී විවාහයක් සිදුකිරීමට අවශ්‍ය පසුබිම පවුල තුලින් ඉටුකරගැනීම.


ගණිකාවන් ඇසුරු කරන්නන් සමාජයේ සුලබයි. ඉතින් ඉගෙන ගන්න කෙනෙක් ඉන්නවනම් මේක පට්ට වටියි කියල මං හිතනවා.   

No comments:

Post a Comment