ඔබෙත් මගෙත් සුසුම් මුසුවන හන්තාන පාමුල සැරිසරන්නට අවසරයි

Wednesday, January 8, 2014

බඩුවක් ගහමුද?? මේ ගැනත් ටිකක් දැනගන්න...



ගණිකාව ‍නෙහොත් බඩුව...

ඇත්තටම මේ කවුද? ඇයි මේ විදිහට හදුන්වන්නේ? මේ අය මොකද කරන්නේ? දන්නෙ නැති එකාට ප්‍රශ්ණ ගොඩයි. මම කලින් දිනක ගණිකාවක් සමග කල කතාබහක් ගැන සැකසූ සටහනක් ඉදිරිපත් කල අතර එහිදී මේ ගණිකාව එහෙමත් නැත්නම් නූතනයේ පාවිච්චි වන සුලභ හැදින්වීම වන බඩුව ගැන ඔබට දැන ගන්නට හැකි වන්න ඇතැයි මම විශ්වාස කරනවා.

ගණිකාව කියන්නෙ කාටද ඒක වෙන්නෙ කොහොමද කියල මම කියන්නම්.
කැම්පස් එකේ සමාජවිද්‍යාව කරන එවුන්ට නම් මේක ගොඩක්ම වැදගත් වෙයි. ඒ නිසයි මම මේ සටහන අද ලියන්නේ.....

ගණිකා වෘත්තිය ලොකයේ ඇති පැරණීතම වෘත්තය ලෙස හැදින්විය හැක. එයට දීර්ඝ ඉතිහාසයකි. බුද්ධ කාලයේ පවා මේ වෘත්තිය පැවති බවට සාධය ඇත. චිංචි මානවිකාව, සිරිමා , අම්බපාලි , වැනි ගණිකාවන් පිළීබදව සදහන් වේ. එම ගණිකාවන්ගේ දුරුගුණ මෙන්ම යහගුණ පිළිබදවද ඉතිහාසයේ සදහන් වේ.
අඹු සැමියන් අතර ඇතිවන ලිංගික සම්බන්ධතා හැරුණු විට ඉන් පරිබාහිරව අනියම් ලිංගික සබදතා ඇතිවීම සමාජ සම්්මතයට එරෙහි වයීමක් ලෙස හැදින්වේග නමුත් එවැනි අනියම් සබදතා ගණිකා වෘත්තියක් වන්නේ ද නැත. එය ගණිකා වෘත්තිය ලෙස අර්ථ ගැන්වීමට මූලික කරුණූ කීපයක් සපුරාලිය යුතුය.

  1. එය ඕනෑම ස්ත්‍රියක් ඕනෑම පුරුෂයෙක් සමග සිදුවන ලිංගික සබදතාවයක් විය යුතුය.
  2. එය කිසියම් මුදලක් හෝ ත්‍යාගයක් හෝ කිසියම් දීමනාවක් අපේක්ෂාවෙන් සිදුවන ලිංගික සම්බන්ධතාවයක් විය යුතුය.
  3. එය පවතින සාරධර්ම වලට පටහැනි වූ හැගීම් සහගත නොවන ලිංගික සම්බන්ධතාවයක් විය යුතුය.
ගණිකා වෘත්තිය යනු කුමක්දැයි සමාජ විද්‍යා විෂ්ව කෝෂයේ (ENCLOPEDIA OF SOCIAL SCIENCE)

ගණිකාව යනු ,

පුරුද්දක් වශයෙන් හෝ වරින් වර හෝ කිසියම් මුදලක් , ත්‍යාගයක් හෝ දිමනාවක් අපේක්ෂාවෙන් සිරිත් විරිත් යම් ප්‍රමාණයකට නොසලකා හරිමින් ලිංගික සම්බන්ධතා පවත්වන තැනැත්තිය වේ.

                        ගණිකා වෘත්තිය ලෝකයේ ඇති පැරණිතම වෘත්තිය ලෙස සැලකේ. මහා කවි කාලිදාස ශ්‍රී ලංකාවට පැමිණ එවකට විසූ කුමාරදාස රජතුමන් සමග කුමාර කාලිදාස වෘත්තාන්තය ලියූ බවත් මොවුන් දෙදෙනාම එකම ගණිකාවක් සමග ජීවත් වූ බවත් සදහන් වේ. එසේම ඉන්දියාවේ දේවදාසීන් හින්දු කෝවිල් වල ආගමික කටයුතු සදහා කැප වුනු පිරිසක් විය.

ඔවුන්ට පැවරී තිබූ කාර්යය වූයේ,

  1. කෝවිල තුල නාට්‍යාංගනාවන් වශයෙන් කටයුතු කිරීම.
  2. කෝවිලේ පූජකයන්ට ලිංගික සේවය සැපයීම.
  3. කෝවිලට පැමිනෙන වෙනත් පුද්ගලයින් වෙනුවෙන් ලිංගික සේවය සැපයීමයි.
මෙයින් පැහැදිලි වන්නේ  මොවුන් ගණිකාවන් වශයෙන් හදුනාගත හැකි බවයි. අතීතයේද කාන්තාවන් සදහාම වෙන් වූ වෘත්තියක් ලෙසට පත්වී තිබූ මේ වෘත්තිය සමාජ නවීකරණයත් සමගම විවිධ දිශාවන් දක්වා දිශාගත වී තිබේ.
ඒ අනුව ගණිකා වෘත්තිය ප්‍රභේද 4කි.

  1. ස්ත්‍රි ගණිකා වෘත්තිය                        -           FEMALE PROSTITUTION
  2. පුරුෂ ගණිකා වෘත්තිය                     -           MALE PROSTITUTION
  3. ළමා ගණිකා වෘත්තිය                       -          CHILD PROSTITUTION
  4. සමලිංගික ගණිකා වෘත්තිය              -           HOMOSEXUAL PROSTITUTION





ළමා ගණිකා වෘත්තිය හා සමලිංගික ගණිකා වෘත්තිය මෑත ඉතිහාසයේ සමාජ විපර්යාස ක්‍රියාවලිය සමග ඇති වූ තත්වයකි. ආසියාතික රටවල් ළමා ගණිකා වෘත්තියට ඉමහත් ප්‍රසිද්ධියක් උසුලනු ලබයි. ප්‍රසිද්ධ සංචාරක සගරාවක් පවසන්නේ , ගණිකාවක් අවශ්‍යනම් තායිලන්තයට යන්නටත් , ළමා ගණිකාවක් අවශ්‍ය නම් ශ්‍රී ලංකාවටත් පැමිණිය යුතු බවයි. ඒ අනුව ශ්‍රී ලංකාව පිරිමි ළමා ගණිකා වෘත්තියේ පාරාදීසය ලෙස සැලකේ. අධි සංවර්ධනය වූ රටවල සමලිංගික ගණිකාවන් හදුනාගත හැකිය. විශේෂයෙන්ම සමලිංගික විවාහ නීතිගත කොට ඇති රට වල සමලිංගික ගණිකාවන් හදුනාගත හැකිය.
ස්ත්‍රී ගණිකා වෘත්තිය පිළීබදව අතීතයේ පටන්ම වඩාත් කතාබහට ලක්වන අතර  මූලික කොටස් කිහිපයකින් දැක්විය හැකිය.

  1. විභව ගණිකාව - විභව ගණිකාව යනු නිශ්චිත වශයෙන්ම ගණිකාවන් නොවූ එහෙත් ගණිකා වෘත්තිය සදහා හුරුවෙමින් පවතින කාන්තාවන් වේ.
  2. ලාභාල ගණිකාව - ලාභාල ගණිකාව යනු ඉතා අඩු වයසින් ගණිකා වෘත්තියට පිවිසි පිරිස වේ. මොවුන් ඉතා ලාභාල වයසින් ගණිකා වෘත්තියට පිවිසෙන නිසා පසු කලෙකදී ඉතා සාර්ථකව එම වෘත්තියේ නියැලීමට හැකියාවක් පවතින පිරිස වේ
  3. වීදි ගණිකාව - වීදි ගණිකාව යනු නගරයේ ප්‍රසිද්ධ ස්ථාන වල ,නගරයේ වීදි වල සැරිසරමින් ගණිකා වෘත්තියේ නැයැලෙන පිරිසයි. ඔවුන් ඉතා අපිරිසිදු පහත් ආර්ථික ත්වයකට හිමිකම් කියයි.
  4. ස්ථානීය ගණිකාව - ඇය නිශ්තිත ගණිකාව ලෙසින්ද හැදින්වේ. මෙම ගණිකාවන් කිසියම් නිශ්චිත ස්ථානයක ගත කරමින් වෘත්තියේ නියලේ. බොහෝ විට මොවුන්ගේ නිශ්චිත ස්ථානය ගණිකා නිවාසයයි.
  5. සංචාරක ගණිකාව - මොවුන් විශේෂ උත්සව ස්ථාන වල ගැවසෙමින් ගණිකා වෘත්තියේ නියැලෙන කාන්තාවන්ය. සැනකෙළි භූමිවල , පෙරහැර කාලවල එම ස්ථාන ආශිතව සැරිසරමින් මොවුන් ගණිකා වෘත්තියේ යෙදේ.
  6. මධ්‍යම පාන්තික ගණිකාව - ඇය සුපිරි ගණිකාව වශයෙන්ද හදුන්වයි. සුපිරි ගණිකාවන් රැකියාවන් කරන අතරවාරයේ අමතර ආදායමක් අපේක්ෂාවෙන් ගණිකා වෘත්තියේ නියැලෙන කාන්තාවන් වේ. මොවුන් කිසියම් ප්‍රමාණයකට අධ්‍යාපන දැනුමක් , වෘත්තීය නිපුනතාවයක් ලබා ගත් කාන්තාවන් වේ
  7. විලාසිනියන් - මේ යටතේ මෝස්තර නිරූපිකාවන් , නිලියන් , රූපරාජිනියක්, සම්භාහන ආයතන වල සේවය කරන කාන්තාවන් අයත් වේ. විලාසිනියන් වශයෙන් හැදින්වෙන ගණිකාවන් බොහෝ විට රටේ ප්‍රසිද්ධ නමක් දරණ පුද්ගලයන්වේ. එසේම මෙම කාන්තාවන්ට ඉතා ඉහල ඉල්ලුමක් මෙන්ම වැඩි මිල ගණන් අයකිරීමක්ද පවතින බව පෙනේ.
  8. දුරකතන ගණිකාවන් - මොවුන් දුරකතන මාර්ගයෙන් රටේ ඉහල තනතුරු දරණ අය සමග සම්බන්ධතා පවත්වයි. බොහෝ සුපිරි හෝටල් වල දුරකතන ගණිකාවන්ගේ ඡායාරූපය , දුරකතන අංකය සහිත ලේඛනයක් ඇත. එම ලේඛනය මගින් පුද්ගලයන් දුරකතන ගණිකාවන් සමග සම්බන්ධවේ.
  9. අධිපති ගණිකාව - ඇය මැඩම් ගණිකාව ලෙසද හැදින්වේ.මොවුන් කාලාන්තරයක් ගණිකා වෘත්තියේ නියැලී ලබා ගත් අත්දැකීම් මත ගණිකා නිවාසයක් පවත්වාගෙන යන පිරිස වේ. මොවුන් යටතේ ගණිකා නිවාසය තුල තවත් ගණිකාවන් ජීවත් වේ. අධිපති ගණිකාවගේ ආර්ථික මට්ටම ඉතා ඉහල මට්ටමක් ගනී.
  10. වවුල් ගණිකාව - වවුල් ගණිකාව යනු කාලයක් තිස්සේ ගණිකා වෘත්තියේ නියැලී වයසට පත්වූ අය වේ. වයසට පත් වූවත් පුරුද්දක් වශයෙන් ගණිකා වෘත්තියේ නැයැලෙන කාන්තාවන්ය. මොවුන් සදහා ඇති ඉල්ලුම ඉතා පහලය.
ගණිකා වෘත්තිය නීතිගත කොට ඇති ඇමරිකාවේ ඇතැම් ප්‍රන්ත වල ගණිකාවන් තම අනන්‍යතාව පෙන්නුම් කරන්නේ එක් කනක රතු කරාඹුවක් පැලදවීමෙනි. ඔවුන්ගේ අතේ වෛද්‍ය සහතිකයක්ද තිබේ. ගණිකා වෘත්තිය ඕනෑම මානව සමාජයක් තුල සාරධර්ම පිරිහීමට , පවුල් ආරවුල් ඇති වීමට , ලිංගික සම්පේෂන රෝග ඇතිවීමට ඒවා ව්‍යාප්ත වීමට හේතුපාදක වේ. නමුත් අතීතයේ පටන්ම පැවත එන රැකියාවක් වශයෙන් වර්තමානය දක්වාම ගණිකා වෘත්තිය ලෝකයේ ඕනෑම රටක පාහේ ව්‍යාප්ත වී තිබේ. දැඩි ලෙස ආගමික තහංචි ක්‍රියාත්මක වන මැදපෙරදිග කලාපය තුල ගණිකා වෘත්තියට පවතින්නේ ඉතා අඩු වැදගත්කමක් එසේම ගණිකාවන් වෙනුවෙන් දරුණු වදහිංසා පැමිණවීම අරාබි ලෝකයේ තුළ දැකිය හැක.


  1. ගණිකා වෘත්තිය ඇතිවීමට බලපාන හේතු සාධක රැසකි,
  2. අයහපත් පරිසරය
  3. පවුල් පසුබිම තුළ තමන්ගේ මව සහ ආච්චි ගණිකාවන් වීම
  4. ආර්ථික අපහසුතාවය හා දරිද්‍රතාවය
  5. සංස්කෘතික තහංචි
  6. නොදැනුවත්කම
  7. විරැකියාව
  8. සමාජය පිළිබද පවතින ආකල්ප
  9. තරුණ වියේදී ඇතිවන අසීමිත ලිංගික අවශ්‍යතා නිසා ගණිකාවන් ඇසුරු කිරීම
  10. අවිවාහක මාතෘත්වය
  11. ලිංගික ගොදුරු බවට පත්වීම
  12. ගමෙන් නගරයට සංක්‍රමණය වීම හා නගරය තුල පවතින වටපිටාව
  13. සුඛෝපභෝගී ජීවන රටාවට අවශ්‍ය පසුබිම ගණිකා වෘත්තිය විසින් සාධනය කිරීම
  14. විවාහය පිළීබදව පවතින ආකල්ප හා වැන්දඹු භාවයට පත්වීම
අවිවාහක මාතෘත්වය පදනම් කරගෙන කාන්තාවන් ගණිකාවන් බවට පත්වන බැව් විලියම් බොන්ගර් (WILLIAM BONGER) සදහන් කරයි. කාන්තාවන් තුල පවතින අසීමිත ලිංගික ආශාවන් ගමෙන් නගරයට සංකුමණය බොහෝවිට ගණිකා වෘත්තිය ඇති වීමට හේතුවේ. කෙසේ වුවත් ගණිකාවන් නිසා ලිංගික අපචාර අඩුවන බව අපරාධ විද්‍යාඥයෝ දක්වා තිබේ. තරුණයන් , සල්ලාලයන් , ස්ත්‍රී දුෂකයන් අවශ්‍යතාවයන් ගණීකාව මාර්ගයෙන් ඉටුවීමේදී රටක ලිංගික අතවර , ස්ත්‍රී දූෂන විශාල වශයෙන් අඩුවන බව අපරාධ විද්‍යාඥයෝ පෙන්වා දෙයි.නමුත් ගණිකා වෘත්තිය මගින් සමාජය පැහැදිලිවම බිදවැටීමට ලක්වේ. අඹු සැමියන් , දූ දරුවන් ගණිකා වෘත්තිය නිසා අනාත අසරණ භාවයටත් අපකීර්තියටත් භාජනය වේ. ගණිකා වෘත්තිය මගින් ඇතිවන අයහපත්ම ප්‍රතිඵලය වන්නේ ලිංගික සම්ප්‍රේෂන රෝග රෝග ව්‍යාප්තියයි. ලිංගික සම්ප්‍රේෂන රෝග ව්‍යාප්තිය මගින් නිරෝගිමත් ශ්‍රම බලකායක් රටට අහිමි වේ. විශේෂයෙන්ම වර්තමාන ලෝකය මුහුන දී තිබෙන බරපතලම ගැලටලුව වී තිබෙන්නේ ඒඩ්ස් රෝගය ව්‍යාප්ත වීමයි. වර්තමාන ලෝකයේ ගණිකා වෘත්තිය වඩාත් ප්‍රචලිතව පවතින්නේ තායිලන්තය තුලය. තායිලන්තය හා බොහෝ අප්‍රිකානු රටවල එච් අයි වී ආසාධිතයන්ගේ ප්‍රමාණය ඉතා ඉහල අගයක් ගන්නා බැව් වාර්තා වේ. ශ්‍රී ලංකාව තුලද වර්තාගත නොවූ එව් අයි වී ආසාධිතයන් විශාල ප්‍රමාණයක් සිටින බව අනාවරනය වී ඇත.
දෙවන ලෝක යුද්ධය අවසානයත් සමග අසභ්‍ය චිත්‍රපට , අසභ්‍ය ලේඛන , වල සීඝ්‍ර ව්‍යාප්තියක් සිදුවිය. ඒ අනුව ගණිකා නිවාස බහුල වශයෙන් ව්‍යාප්ත විය.අවසානයේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝකය පුරාම සමාජ ආර්ථික විපර්යාසයන් පෙරලා ගණිකා වෘත්තිය මැඩලීමට විවිධ ක්‍රියාමාර්ග රැසක් විවිධ රජයන් විසින් ක්‍රියාකිරීමට සැරසුනත් ඒවා සාර්ථක ක්‍රියාමාර්ග වශයෙන් සිදුනොවිනි. කෙසේ වුවද ගණීකා වෘත්තිය මැඩලීමට ගත හැකි ක්‍රියාමාර්ග මෙසේ දැක්විය හැක.


  • නීතිය තුලින් දැඩි පාලනයක් ඇති කිරීම.
  • ලිහිල් දඩුවම් ක්‍රම ඉවත් කර රළු දඩුවම් ක්‍රම ඇති කිරීම.
  • පවුල් සංස්ථා තුළ සිරිත් විරිත් සාරධර්ම ධර්මතා හා අනෞන්‍ය සබද කම් නගා සිටුවීම.
  • පාසැල් මට්ටමේ සිට විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලබා දීම.
  • ද්විතියික හා උසස් අධ්‍යාපනය තුලින් පුද්ගලයා දැනුවත් කිරීම.
  • දියුණු සන්නිවේදන මාධ්‍යයන් උපයෝගී කරගෙන ගණිකා වෘත්තියේ පවතින නිශේදනාත්මක බලපෑම පිළිබද දැනුවත් කිරීම.
  • ගණිකා නිවාස ව්‍යාප්තිය ඇතිවීමට එරෙහිව රජයේ මැදිහත් වීමෙන් විවිධ ක්‍රියාමාර්ග ගැනීම.
  • දරිද්‍රතාව අවම කිරීම සදහා සංවර්ධන උපාය මාර්ග යෙදවීම හා සුභසාධන කටයුතු දියත් කිරීම.
  • කාන්තා පිරිමි දෙපාර්ශවයටම නියමිත වයසකදී විවාහයක් සිදුකිරීමට අවශ්‍ය පසුබිම පවුල තුලින් ඉටුකරගැනීම.


ගණිකාවන් ඇසුරු කරන්නන් සමාජයේ සුලබයි. ඉතින් ඉගෙන ගන්න කෙනෙක් ඉන්නවනම් මේක පට්ට වටියි කියල මං හිතනවා.   

Tuesday, January 7, 2014

මරණය


මම නෙසොයන


මා හොයන් 


පරක්කු වෙලා 


මම ලගට ආපු


උඔ




මේ පාරවත් 


වෙලාවට වරෙන්

මතකය

Add caption

දුරට ගියත් ඔබ

ලගින් උන්නා සේම

ඔබේ සුසුමන්...

තවමත් දැනේ

මේ හිස්

අවකාශය තුල....



රැදෙන්නට තව තවත්

හිස් බවින් පීඩිත

අකීකරු

මේ ජීවිතේ

තව පුංචි දුරක් අරං යන්න

ඇති ඔබෙයි මගෙයි


අපේම ලෝකයක මැවූ

සුන්දර මතකයන්

Sunday, January 5, 2014

ඇයත් ගැහැනියක්.....


මිනිසෙකු නිසා තම ජීවිතය විනාශකරගත් කාන්තාවකගේ කතාවක්.....

කෑගල්ල නගරය අතිශය කාර්ය බහුල නගරයකි. තමන්ට උචිත ජීවන වෘත්තිවල යෙදෙන්නන් බොහෝය. ඔවුන් හැමඑකාගෙම අරමුණ හවස ගෙදර යද්දි කන්න යමක් හම්බකරගන්න එකයි. සුපිරි වෙලද සැලේ සිට පදික වේදිකාව දක්වා හමා යන්නේ මේ මිනිසුන්ගේ දහදිය සුවදයි... මෙලෙස ජීවන වෘත්තින් වල යෙදෙන්නන් අතර මට කුතුහලයක්ව පැවති වෘත්තියක නියැලෙන්නියක සමග කතාබහ කරන්නට මට අවස්ථාවක් උදාවුනා..

සමාජවිද්‍යා විෂයට අදාල පර්යේෂනයක් ලෙස ඇයට හගවා ඇගේ යටගියාව ඈතුලින් මතු කරගන්නට මා සමත් විය.
තමන්ගේ දරුවා වෙනුවෙන් තමන්ගේ ශරීරය විකුනන මැය මම නමින් ගීතා ලෙස හදුන්වන්නම්....මේ ඇය මා සමග පැවසු ඇගේ කතාවයි....
ඇය කෑගල්ලට නුදුරු ග්‍රාමීය පෙදෙසක 1974 වර්ෂයේ උපත ලබන්නේ පවුලේ වැඩිමහල් දියණිය ලෙසය. අගහිග කම් වලින් පිරුණු ගීතාගේ පවුලේ පියා කුලී වැඩක් සොයා තම පවුල නඩත්තු කරගන්නට දරන්නේ දැඩි වෙහෙසකි. ගීතා පවුලට එක් වූ පසු තවත් දරුවන් තිදෙනෙක් පවුලට එක්වන්නේ සමහර විට දෛවයේ සරදමකට වන්නට ඇත. එන්න එන්නම අගහිග කම් පිරි පවුලේ බර කරට ගන්නට මේ පියාට බැරි වෙනවා. පවුලේ ඇති ප්‍රශ්න නිසාම පියා මතට ඇබ්බැහි වෙනවා. ඇයට අවුරුදු 9ක් පිරුනා පමණි. පවුලේ අගහිගකමි නිසාම මවට මේ දරුවන් පියා ලග නවත්වා රට රැකියාවකට යන්න වෙනවා. මව දුර රටකට යනවා. දරුවන් හා පියා තනිවෙනවා. මවගේ විදේශ ගත වීමෙන් පසු මේ පවුලේ අගහිග කම් ටිකින් ටික නැතිවී යනවා. හැබැයි තත්වය එක දිගට පවත්වාගෙන යන්න මේ පියාට බැරි වෙනවා. මුදල් නිතර අතගැවසීම නිසා පියා යලි මත් ලෝලියෙක් වෙනවා. දැන් හවසට මොවුන් ජීවත් වන නිවස පියා හා ඔවුගේ හිතවතුන්ගේ නවාතැන බවට පත්වනවා. මේ ආකාරයට කාලය ගත වෙනවා. අවුරුදු 05ක් අවසානයේ මව නැවත මෙරටට පැමිනෙනවා. ඒත් කිසිදු දෙයක් වත් පිලිවෙලකට නොමැති වීමත් රට ඉදන් එවපු හැම සතයම මත්පැන් වලට වියදම් කල සැමියා දකිද්දි මේ මවට උහුලාගන්න බැරි වේදනාවක් ඇති වෙනවා.


ඇය සැමියා අතහැර දරුවන් සමග වෙනත් ගෙදරක පදිංචියට යනවා. එහිදී ඇයට සැමියාගෙන් අහිමි වූ ආදරය රැකවරනය දෙන්න පුද්ගලයෙක් ඉදිරිපත් වෙනවා. නීතියෙන් පලමු සැමියාගෙන් වෙන් නොවූ මැය ඔහු සමග අනියම් සබදතාවක් ගොඩනගා ගන්නවා. කල් ගතවන විට ඔහු ඇයගේ නිවසේම නතර වනවා. මේ කාලය වන විට ගීතා වැඩිවියට එළබෙනවා. ඈ කෙරෙහි පිරිමින් ආකර්ෂනය වන්නට පටන් ගන්නවා. ඇය අපොස සාපෙලෙන් පසු පාසැල් ගමනට තිත තියනවා. ඇය රැකියාවක් කරන්නට ඒ අසල කර්මාන්ත ශාලාවකට යනවා. මව නැවත රට රැකියාවට පිටත් වෙනවා. මවගේ අනියම් සැමියාගේ රැකවරනය ලබන ගීතා රැකියාවට යනවා බාල සොයුරු සොයුරියන් පාසැල් යනවා. ගීතාගේ ඉරනම තීරනය වන දවස උදාවන්නේ මේ කාලයදීයි. ඈ හදිසියියේ අසනීප වනවා බාලසොයුරන් පාසැල් යවා ඈ නිවසේ නතර වනවා. ඈ නින්දට වැටෙනවා. එක වරම ඈ අවදිවෙනවා. ඒ වන විට මවගේ අනියම් සැමියා ඈගේ කලවා පෙදෙස පිරිමදිමින් ඈ දෙස බලාගෙන සිටිනවා. ඈ ඔහුගෙන් ගැලවී නැගිට යන්න උත්සහ කරනවා. ඒත් හැඩි දැඩි සිරුරෙන් ගැලවී යන්නට ඇය අසමත් වෙනවා ඒ අවසරයන් ඔහු ඇයව දෙවරක් දූෂනය කරනවා. ඒ හෝරාවේ මවගේ අනියම් සැමියා අතින් ඇය ගැහැනියක් වනවා.
මේ අවනඩුව කියන්න කෙනෙක් නොමැති කම නිසාම ඇය එය තම සිත තුලම හිර කරන් දුක් විදිනවා. ඉන් පසු ඔහු එය ඔහුගේ දින චර්යාවේ එක් අංගයක් කරගන්නවා. රත්‍රීයේ ඔහු ඇයව තම සිරුරට යට කරගන්නවා. මෙලෙස කාලයක් ගතවෙනවා ඇයට වයස 19ක් වන විට ඔහු ඇයට අපූරු තිලිනයක් දෙනවා. මවගේ අනියම් සැමියා අතින් ඇය ගැබ් ගන්නවා. මේ පිළිබදව දැන ගත් ඔහු පැන යනවා. ඇයට අවසානයේ තම සොහොයුරන් හා දරුගැබ පමනක් ඉතිරි වෙනවා. මේ වන විට රට රැකියාවට ගිය මව ගැන කිසිදු ආරංච්යක් නැති වෙනවා.

ඊට පස්සේ උන දේ ඇගේ වදන් වලින්ම පවසන්නම්.............

මම - ඊට පස්සෙ මොකද වුනේ
ඇය- මම දරුවව බිහිකරනවා..
මම - ඔච්චර අමාරුවෙන් ඒ දරුවව බිහිකරන්නෙ කොහොමද ඔයා කිව්වනෙ අම්ම ගැන ආරංචියක් නෑ කියලා. ඉතින් සල්ලි කොහෙන්ද
ඇය- මට උදව් කරන්න ගොඩක් අය එනවා. එයාලට ඕනෙ මගේ ඇග. මට ඕනෙ නංගිලට උගන්වන්න. මට උවදේ එයාලට වෙන්න නරකයි. මේ දරුව ඉපදෙද්දි මං මිනිස්සු සීයක් එක්ක විතර බුදියන් තියෙනවා. එයාල මට හොදට සැලකුවා.
මම- එතකොට දැන් ඔයා මේක වෘත්තියක් විදිහටද කරගෙන යන්නේ
ඇය - ඔව්, මට කරන්න වෙන දෙයක් නෑ.. මේ රස්සාව මට කරන්න පුළුවන්. මම මගේ දරුවව හදාගන්නෙ නංගිලට උගන්වන්නේ මේ විදියට හම්බ කරන සල්ලි වලින්.
මම - දවසකට කීයක් හම්බ කරනවද
ඇය- සමහර දවස් වලට තේ එකක් බොන්න සල්ලි නෑ. සමහර දවස් වලට සතියකට ඇති වෙන්න සල්ලි හම්බවෙනවා.
මම - කොයි වගේ මිනිස්සුද ඔයා ලගට එන්නෙ
ඇය- මම මගේ තාත්තටත් වඩා වයස මිනිස්සු එක්ක නිදයලා තියෙනවා.
මම - හ්ම්
ඇය - මල්ලි ඔයා ඉගෙනගන්න කෙනෙක් නිසයි මම මේ වෙලාව හරි කතා කලේ ඔයා එක්ක කතා කර කර හිටියෙත් අද මගේ දරුව බඩගින්නෙ. ඒ හින්ද දැන් දැන ගත්ත දේවල් හොදටම ඇති.
මම - ඔව් මාත් ඕනෙ දේ දැනගත්ත (මම ඇයට රුපියල් 1000ක් දික් කරනවා)
ඇය - එපා මල්ලි මම හිගන්නියක් නෙමෙයි.
මම - ඒකට කමක් නෑ මේක තියාගන්න
ඇය - මල්ලිට බුදුබව අත්වෙනවා.
මම - එහෙම ඕනෙ නෑ. ඔයත් මට කලේ උදව්වක්නෙ
ඇය - මම යනවා
මම - හරි

මෙලෙස ඇය සමග සංවාදයේ යෙදුනු පසු අවසන් වරට ඇය කිව්වේ ( මට මේ වුන දේ වෙන කිසිම කෙල්ලෙක්ට වෙන්න එපා කියලයි) ඇයට ඇගේ වෘත්තිය ගැන කලතිරීමක් තිබුනත් ඇය ඒ වෘත්තියට කැමතියි. ඒ ඇයට අවශ්‍ය කරන මුදල් ඒ තුලින් උපයාගත හැකි නිසයි... ඇය ගණිකාවක් ලෙස මම හදුන්වන්න කැමති නෑ. ඇයත් හදවත් ඇත්තියක්. මම ඇය ලිංගික වෘත්තිකයෙක් ලෙස හදුන්වන්නම්.
ඇය ගැහැනියක්. හැබෑම ගැහැනියක්. සමාජයේ කුරිරු කම නිසා දුක්විදින ඇග විකුනන ගැහැනියක්.....


සටහන - වින්දික රත්නායක

Friday, January 3, 2014

කන්‍යාවී..


නිදියහනේ
මුදල් වලට
ඇග විකුනා
ලෝකයට පවිත්‍රයැයි
හගවන ඔබ...
කියන්න මට
ගණිකාවක්ද?

කන්‍යාවක්ද?

Thursday, January 2, 2014

නිදහස


කළු 
සුදු
එකට............

ආදරේ


ආදරේ.. 
එක එක ජාතියෙ එවුන් මේක එක එක විදිහට අර්ථ ගන්වයි.. ආදරේ කියන්නෙ මේකයි, ආදරෙන් වෙන්න ඕනෙ මේකයි.. කතන්දර ගොඩයි.. සමහර එවුන් ආතල් එකට ලවු කරන්න පට්ට් කෑලි තියන් ඉන්නවා. ඒත් ශිරාවට ලවු කරන එක දැක්කම ඇත්තටම ඒ පොර ගැන දුකි හිතෙනවා. සංසාර ගත ආදරයක් වෙන්න ඇති... කර්මය කියන එක පන්න පන්න එනවලු කියන්නෙ ඇත්ත කියල මේ වෙලාවට තමයි හිතෙන්නෙ.

මාත් එක්කත් දන්න කාලෙ ඉදන් සෙට් විච්ච ගොඩක් යාලුවො එක එක විදිහට ලවු කරා වෙලාවකට උන් ගැන පව් කියලත් හිතෙන්නෙ උන් මැරීගෙන ලවු කරපු කෙල්ලො දැන් ලමයි වඩාගෙන වෙන මිනිහෙක් එකක් පාරෙ යනව දකිනකොටයි. අනේ ඉතින් ලැජ්ජ නැතින වුනුත් මට කතා කරල යනවනේ.


මාත් එක එකාගෙ ආදර කතා දිහා බලං ඉදල ඇති වෙලා මගේම ආදර කතාවක් ඒ කියන්නෙ කෙල්ලෙක්ට ආදරේ කරන්න පටන් ගත්තෙ 2006.02.14. හා හා පුරා කියල ශිරා ලව් එකක් පටන් ගත්තා. ඒකත් මගේම කරුමෙ කියන්නෙ ඒකටත් හෙනහුරා ගැහුවා. කරන්න පුළුවන් හැමදේම කරල දුන්නට පස්සේ යන්නම ගියා.. ඕව දකිද්දි ආදරේ කරන එවුන් ගැන පව් හිතෙනවා. දැන් තුරුල් වෙලා අත්වැල් අල්ලන් පාරෙ ගියාට ටික දවසක් යද්දි වෙන එකෙක්ගෙ, එකියක්ගෙ අතින් අල්ලන් කලින් ලවු කරපු එකා ලගටම ඇවිත් රෙදි ඇදගෙන කතා කරනවා. සමහර විට කලින් එකාට කියල හැමදේම කරගෙනත් ඇති ඒත් අනිත් එකාට කියන්නෙ (අනේ සුදූ මං මෙහෙම එන්නෙ ඔයා එක්ක විතරයි. ඔයාට මාව විශ්වාසයි නේද කියලා
)

අපේ මල්ලි කෙනෙක්ට කොල්ලෙක් උගෙ කලින් කෙල්ලගෙ නම්බර් එකක් දීල කියනවා මම නම් ගැහුව උඔත් ගහපන් ඕකිට හෙන මෝල කියලා. මල්ලිටත් ඉතින් හොදටම මෙව්ව එකලු ඈ. ඌ උදේ ඉදං හවස් වෙනකම් ෆෝන් කම්පැනි පෝසත් කරල දෙයියනේ කියලා මේ කෙල්ලව දවස් 2න් දා ගන්නවා. ඊට පස්සෙ පලවෙනි හමුවීම රූමක. ඒකි කියල තියෙන්නෙ මං කලින් එක්කෙනෙක්ට ආදරේ කලා එයාට ගෙදරින් කැමති නෑ. ඒත් මං මේ විදිහට ලං වුනේ ඔයාට විතරයි කියලා. අනේ පවු.... මල්ලිම දැනුවත්ව හතර පස් දෙනෙක් එක්ක අහවල් වැඩේ කරපු එකියක් දැන් සුදු රෙද්දක් එලන් පතිවත හොයනවා. ඔන්න ඕකයි ආදරේ දැන් කාලෙ වෙන දේ....මේ වෙලාව වෙද්දි සමහර විට මල් සරා වහ කාල කැලේ පැනල ඇති දෙයියනේ මං කරගත්ත දෙයක් කියලා.