ඔබෙත් මගෙත් සුසුම් මුසුවන හන්තාන පාමුල සැරිසරන්නට අවසරයි

Thursday, December 26, 2013

මගෙ ජීවිතේ

වෙලාවකට ජීවිතේ කියන්නෙ පට්ට පැන්ටසියක්... අපි ගොඩක් හීන දකිනවා සමහර දේවල් ඉල්ලන්නත් කලින් අපිට ලැබෙනවා. ඒත් ඕනිම දෙයක් අපි බලාපොරොත්තු වෙනවනම් ඒ දේ ලබා ගන්න අපිට මාර ගේමක් දෙන්න වෙනවා. සමහර අය කියන්නෙ ඒක තමයි මචන් ජීවිතේ කියලා. ඒත් මට නම් එහෙම උනාම ඒක දරා ගන්න බැහැ. එක්කො මිනිස්සුන්ට හැගීම් දැනීම් නැති කරන්න ඕනෙ. එහෙම උනොත්නම් ජීවිතේ පාඩුවෙ ඉන්න පුලුවන්.. ඒත් එහෙම වෙන්නෙ නෑ නේ.
මම කලින් ආදරේ කලා ඇත්තටම මට මගේ නොවන පට්ට ලවු ස්ටෝරි එකක් තිබුනා ඒත් මගෙන් දේවල් අරගෙන ආදරේ යන්නම ගියා. ඒ දුක ගොඩක් මට දැනුන. ගොඩක් සිරා ලවුකරන්නෝ සුරාවෙන් කෙලවර වෙයි කියලා අපේ සිතුම කිවුවෙ බොරුවට නෙමෙයි. ඒක පට්ට ඇත්තක්.
ආයෙත් ආදරේ කරන්නෙ නෑ කවදාවත්.. එහෙමත් හිතුවා......
සිතුමා මට බීච් පාටියකට එන්න කිව්වා. (මම එන්න හිටියට කොහොමද එන්නෙ කියල මං දැනන් හිටියෙ නෑ) අහම්බෙන් මට එතනදි කෙල්ලෙක් ෆීල් වෙනවා. ඇත්තම කිව්වොත් ඇග ඇතුලෙ අමුතුම දෙයක් වුනා. මං එයාට හොරෙන් එයාට ආදරේ කලා.. අන්තිමට හිතේ තියන් ඉන්න බැරිම තැන ඒක එයාට කිව්ව.. එයා අහගෙන හිටියා ගොඩක් වෙලා......
අන්තිමට මොකක් වෙන්න ඇත්ද???

ඒ ගැන නම් මතක් වෙද්දිත් මාව පිච්චෙනවා....


No comments:

Post a Comment