ඔබෙත් මගෙත් සුසුම් මුසුවන හන්තාන පාමුල සැරිසරන්නට අවසරයි

Thursday, January 2, 2014

ආදරේ


ආදරේ.. 
එක එක ජාතියෙ එවුන් මේක එක එක විදිහට අර්ථ ගන්වයි.. ආදරේ කියන්නෙ මේකයි, ආදරෙන් වෙන්න ඕනෙ මේකයි.. කතන්දර ගොඩයි.. සමහර එවුන් ආතල් එකට ලවු කරන්න පට්ට් කෑලි තියන් ඉන්නවා. ඒත් ශිරාවට ලවු කරන එක දැක්කම ඇත්තටම ඒ පොර ගැන දුකි හිතෙනවා. සංසාර ගත ආදරයක් වෙන්න ඇති... කර්මය කියන එක පන්න පන්න එනවලු කියන්නෙ ඇත්ත කියල මේ වෙලාවට තමයි හිතෙන්නෙ.

මාත් එක්කත් දන්න කාලෙ ඉදන් සෙට් විච්ච ගොඩක් යාලුවො එක එක විදිහට ලවු කරා වෙලාවකට උන් ගැන පව් කියලත් හිතෙන්නෙ උන් මැරීගෙන ලවු කරපු කෙල්ලො දැන් ලමයි වඩාගෙන වෙන මිනිහෙක් එකක් පාරෙ යනව දකිනකොටයි. අනේ ඉතින් ලැජ්ජ නැතින වුනුත් මට කතා කරල යනවනේ.


මාත් එක එකාගෙ ආදර කතා දිහා බලං ඉදල ඇති වෙලා මගේම ආදර කතාවක් ඒ කියන්නෙ කෙල්ලෙක්ට ආදරේ කරන්න පටන් ගත්තෙ 2006.02.14. හා හා පුරා කියල ශිරා ලව් එකක් පටන් ගත්තා. ඒකත් මගේම කරුමෙ කියන්නෙ ඒකටත් හෙනහුරා ගැහුවා. කරන්න පුළුවන් හැමදේම කරල දුන්නට පස්සේ යන්නම ගියා.. ඕව දකිද්දි ආදරේ කරන එවුන් ගැන පව් හිතෙනවා. දැන් තුරුල් වෙලා අත්වැල් අල්ලන් පාරෙ ගියාට ටික දවසක් යද්දි වෙන එකෙක්ගෙ, එකියක්ගෙ අතින් අල්ලන් කලින් ලවු කරපු එකා ලගටම ඇවිත් රෙදි ඇදගෙන කතා කරනවා. සමහර විට කලින් එකාට කියල හැමදේම කරගෙනත් ඇති ඒත් අනිත් එකාට කියන්නෙ (අනේ සුදූ මං මෙහෙම එන්නෙ ඔයා එක්ක විතරයි. ඔයාට මාව විශ්වාසයි නේද කියලා
)

අපේ මල්ලි කෙනෙක්ට කොල්ලෙක් උගෙ කලින් කෙල්ලගෙ නම්බර් එකක් දීල කියනවා මම නම් ගැහුව උඔත් ගහපන් ඕකිට හෙන මෝල කියලා. මල්ලිටත් ඉතින් හොදටම මෙව්ව එකලු ඈ. ඌ උදේ ඉදං හවස් වෙනකම් ෆෝන් කම්පැනි පෝසත් කරල දෙයියනේ කියලා මේ කෙල්ලව දවස් 2න් දා ගන්නවා. ඊට පස්සෙ පලවෙනි හමුවීම රූමක. ඒකි කියල තියෙන්නෙ මං කලින් එක්කෙනෙක්ට ආදරේ කලා එයාට ගෙදරින් කැමති නෑ. ඒත් මං මේ විදිහට ලං වුනේ ඔයාට විතරයි කියලා. අනේ පවු.... මල්ලිම දැනුවත්ව හතර පස් දෙනෙක් එක්ක අහවල් වැඩේ කරපු එකියක් දැන් සුදු රෙද්දක් එලන් පතිවත හොයනවා. ඔන්න ඕකයි ආදරේ දැන් කාලෙ වෙන දේ....මේ වෙලාව වෙද්දි සමහර විට මල් සරා වහ කාල කැලේ පැනල ඇති දෙයියනේ මං කරගත්ත දෙයක් කියලා.


No comments:

Post a Comment