Tuesday, December 31, 2013
සුභ නව වසරක් වේවා
ගිණිගත් අතීතයකට සමුදී
ඔබ සැමට සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා.......
වින්දික රත්නායකSunday, December 29, 2013
තොටියා
පාලමේ කොනට වී
බලා හිදියි
කවුරුන් හෝ
එනතුරා
එගොඩ කරන්නට
මේ
රුදුරු ජල
කදෙන්
ඉන්
ලැබෙන
සොච්චමෙන්
පුරවන්න බඩකඩ
උගේ
පොඩිවුන්ගේ..
ඔහුයි තාත්තා
පිය සෙනෙහසට කිවි
ගී ලියවුනා මදී..............
දසමසක කුස තුල දරුවෙකු
තබාගෙන ඒ දරුවා මෙලොවට බිහිකර බහ තේරුම් ගන්න පුළුවන් කාලයක් වෙනකම් හොදනරක කියා
දෙමින් රැකබලා ගන්නා අම්මල අපිට මේ ලෝකො සුලභව දැක ගන්න පුළුවන්. ඒ වගේම ඉපුදුනු
ගමන් දරුවන් වැසිකිලි වලවල් , කානු , කුණු භාජනවලට දමා යන මව්වරුන්ගෙන්ද මේ පුණ්‍ය
භූමිය නිමවී තිබේ.
මෙය අපිරිමිත දරු
සෙනෙහස තම හදවතේ සටහන් කලකත් අපේ කාලේ පිය දෙවියෙකුගේ කතාවකි.
මම ඊයෙ උදේ කැම්පස්
එකට යන්න කෑගල්ලෙන් බස් එකට නගිනවා. ඒ මගේ යාලුවො කිහිප දෙනෙකුත් සමගින්. බස් රථය
ටික දුරක් ඇදී යත්දි තවත් අපේ ගමන් සගයන් පිරිසක් අප හා එක් වෙනවා. අපි අපේ දේවල්
කතා බහ කරමින් යන අතර තුර වයස 50 සීමාවට ආසන්න වූ අයෙක් යැයි කිවහැකි
පුද්ගලයෙක් සමග ඊටත් වඩා වැඩිමහළු පුද්ගලයෙක් බස් රථයට ගොඩ වෙනවා. මොවුන් දෙදෙනාද
අප ආසන්නයේ වූ ආසන දෙකක වාඩිවී කතා බහක යෙදෙනවා. මොවුන් දෙදෙනාගෙන් එක් අයෙක්
අවුරුදු 22ක් යුධහමුදා සේවයේ යෙදුනු අයෙක් අනෙත් පුද්ගලය පෞද්ගලික ආයතන කිහිපයක
රැකියාවෙ නියුතු වූවෙක්.මෙහි කතා නායකයා වන්නේ විශ්‍රාමික යුධහමුදා සෙබලාය.
ඔහු යන්නෙ නව
රැකියාවක් සොයාගෙනය. ජීවන බර අහස උසට නැග ඇත. ඔහුට දරුවන් දෙදෙනෙකු සිටින බව
ඔවුන්ගේ කතාවෙන් මං තේරුම් ගත්තා. එක් දරුවෙක් මෙවර සාමාන්‍ය පෙළ සදහා සහභාගී
වන්නෙකි. අනෙකා පහල පංතියක අකුරු කරන්නෙකි.
දරුවන් යනු මවුපියන්ට
හිමිවන අමිලම සම්පතයි. මොහු වෙර දරන්නෙ ඒ ලැබුන සම්පතට කිසිදු අඩුපාඩුවක් නොවන්නට
වගබලාගන්නයි.
ඔහු සමග බසයට ගොඩවූ
අනෙක් පුද්ගලයා ඔහුගේ රැකියා ස්ථානය ගැන මොහු සමග පවසයි. ඔහු එය හොදින් අසා සිටින
බව මං ඒ දෙස බැලූ විට දකින්නට වුනි.
ඒ පුද්ගලයා රැකියාවේ
නිරත වෙන්නේ හාඩ්වෙයාර් ආයතනයකය. ඔහු ඒ පිළිබදව ගුණවර්ණනා ඉදිරිපත් කරමින් අර
යුධවිරුවා ඒ දෙසට ඇද ගැනීමට වෙහෙස විය. මේ අවස්ථාවේ මා නිහඩ වී ඔවුන් දෙදෙනාගේ
සංවාදය දෙස බලා ඉන්නට යොමුවන්නට වුනා. ඒ ඔහුගේ සංවේදී කතාවට මාද නිරුත්තර
වූ නිසාය.
ඔවුන්ගේ කතාව අතර තුර
එම පුද්ගලයා මෙසේ කියනවා.
(අයියෙ මම අවුරුදු
22ක් හමුදාවෙ හිටියෙ. මම ඒකෙන් අයින් වුනාම මට හම්බුනෙ පෞද්ගලික ආරක්ෂක රැකියා.
එව්වගෙ වැඩකරන්න දැන් මගේ ආසාවක් නෑ. දැන් මම කැමතියි රෑටවත් ගෙදරට වෙලා පොඩි
එවුන් එකක් ඉන්න....)
ඒ වෙලාවෙ මට ඒ
පුද්ගලයාගෙ තත්වය මනාව වටහාගන්නට පුලුවන් වෙනවා. අවුරුදු ගානක් තම දරුවන් එක්ක
ඉන්න බැරි වුන ඔහුට දැන් ඒ අවස්ථාව ලැබී තියෙනවා. ඒත් ජීවන බර නිසාම යලිත් ඒ නිදහස
ඒ සතුට ඔහුට නැතිව යන බව ඔහු වටහා ගන්නවා. එයට දැන් ඔහු එතරම් කැමැත්තක් දක්වාන්නෙ
නෑ.
ඔහු අනෙකාට ඔහුගේ පවුල
ගැන විස්තර කරනවා.
(අයියෙ මගේ නෝනටත්
අසනීපයිත එයාට රැකියාවක් කරන්න විදිහක් නෑ. මට ඕනෙ පොඩි එවුන් දෙන්නට හෙදට
උගන්යන්න.)
ඔහු දැන් හොයන්නේ තව
දුරටත් ආයුධ අමෝරාගෙන රැයක් දවාලක් නැතිව වැඩ කල හැකි රැකියාවක් නොව හවසට ගෙදර
ගොස් දරැවන් සමග සතුටු විය හැකි රැකියාවකි. අනෙක් පුද්ගලයා ඔහු රැකියාවේ නියුතු
ආයතනයේ ඇති පුරප්පාඩු ගැන මේ පුද්ගලයාට පැහැදිලි කරන්වා. ඒවා අතරින් ඔහුට එකක්
තෝරා ගන්න වෙනවා. ඔහු ලොරි රථ සහයකයෙකු වෙන්න කැමති වෙනවා.
අවසානයේ දශක තුනක
යුද්ධයක් නිමා කරන්නට ආයුධයට පන දුන් විරුවෙක් අපිරිමිත දරු සෙනෙහස නිසාම
හාඩ්වෙයාර් එකක ලොරි රථයක සහයකයෙකු වෙන්න හිතා යන්නවා. දරුවන් වෙනුවෙන් තුවක්කුව
හුරු දෑතට සවල උදැල්ල ගන්න මේ පියාට සිද්ධවෙනවා.
ගෙවල් වලට වෙලා තමන්ගෙ
ගෑනි රට ඉදන් එවන සල්ලි වලින් කකා බිබී ඉන්න බේබදු තාත්තල ඉන්න මේ රටේ මම
දකින විදියට මේ තාත්ත දෙවි කෙනෙක්...
සටහන - වින්දික
රත්නායක
Friday, December 27, 2013
නිදහස
හුරු පුරුදු
නැවතුමකට වී
බලා හිදිමි
බසයක් එන තුරු
නැගී
යනන්ට
අතීතය කරා
අහිමි වූ
නිදහසක්
සොයා....
වල් වදින
වර්තමානයෙන්
මිදී.....
ආදරයේ ඉල්ලුම
ඉල්ලුම්
සැපයුම්
අක්‍රිය වී
කඩා වැටෙයි
ඉල්ලුම් සැපයුම් වක්‍රය
මගේ ඉල්ලුමට
ඔබෙන්
නොලැබුනු
සැපයුම
නිසා....
Thursday, December 26, 2013
ඉඩෝරය...
සිදී ගිය
ගං තෙරක සිට
අහස් කුස දෙස බලා
හූල්ලන දෑස් දෙස
අකාරුණික අහස් කුස
බලාසිටියි....
පියනොහෙලා..
විහිද වූ දෑස් යුග...
යශෝදරා...
සැමියට සුභ
පතන්නට
යනෙන ගමන
වෙනුවෙන්
කදුළු කැට
සගවා
ඔබ වින්ද දුක කොච්චරක්ද
අරමුනක්
වෙනුවෙන්
ආදරේ දන් දුන්
ඔබ
පුතුත් සමග
තනි වෙද්දි
සිතින් හැඩුවා
කදුලු සගවන්....
නොදැනෙන්න
දයාබර සැමියට
ඔහුගෙ අරමුනට
ශක්තියක්
දෙන්න
එය
යථාර්තයක් විය
යුතු
නිසා
ඔහුට ඔහු හොයා
ගන්න
ඔහු සොයන
ජීවිතේ
ඔහුට ලැබෙද්දි
ඔබ.......................
මගෙ ජීවිතේ
වෙලාවකට
ජීවිතේ කියන්නෙ පට්ට පැන්ටසියක්... අපි ගොඩක් හීන දකිනවා සමහර දේවල් ඉල්ලන්නත්
කලින් අපිට ලැබෙනවා. ඒත් ඕනිම දෙයක් අපි බලාපොරොත්තු වෙනවනම් ඒ දේ ලබා ගන්න අපිට
මාර ගේමක් දෙන්න වෙනවා. සමහර අය කියන්නෙ ඒක තමයි මචන් ජීවිතේ කියලා. ඒත් මට නම්
එහෙම උනාම ඒක දරා ගන්න බැහැ. එක්කො මිනිස්සුන්ට හැගීම් දැනීම් නැති කරන්න ඕනෙ.
එහෙම උනොත්නම් ජීවිතේ පාඩුවෙ ඉන්න පුලුවන්.. ඒත් එහෙම වෙන්නෙ නෑ නේ.
මම කලින් ආදරේ
කලා ඇත්තටම මට මගේ නොවන පට්ට ලවු ස්ටෝරි එකක් තිබුනා ඒත් මගෙන් දේවල් අරගෙන ආදරේ
යන්නම ගියා. ඒ දුක ගොඩක් මට දැනුන. ගොඩක් සිරා ලවුකරන්නෝ සුරාවෙන් කෙලවර වෙයි
කියලා අපේ සිතුම කිවුවෙ බොරුවට නෙමෙයි. ඒක පට්ට ඇත්තක්.
ආයෙත් ආදරේ
කරන්නෙ නෑ කවදාවත්.. එහෙමත් හිතුවා......
සිතුමා මට
බීච් පාටියකට එන්න කිව්වා. (මම එන්න හිටියට කොහොමද එන්නෙ කියල මං දැනන් හිටියෙ නෑ)
අහම්බෙන් මට එතනදි කෙල්ලෙක් ෆීල් වෙනවා. ඇත්තම කිව්වොත් ඇග ඇතුලෙ අමුතුම දෙයක්
වුනා. මං එයාට හොරෙන් එයාට ආදරේ කලා.. අන්තිමට හිතේ තියන් ඉන්න බැරිම තැන ඒක එයාට
කිව්ව.. එයා අහගෙන හිටියා ගොඩක් වෙලා......
අන්තිමට මොකක්
වෙන්න ඇත්ද???
ඒ ගැන නම්
මතක් වෙද්දිත් මාව පිච්චෙනවා....
Monday, December 23, 2013
හයිවේ...
හැටට හැටේ
පාගල පලයව්
අපට අඩු වුන හයිවේ දැන් අපි ලග
ඒත්
යන ගමන් පොඩ්ඩක්
හිතලත් බලපන්
කිරිබෝතලේ කිරි ටික බොන්න
පොරකන කිරිකැටියන්
ඉන්න රටක
තාමත් අපි ඉන්නෙ කියලා
Sunday, December 22, 2013
ජීවිතයට ඉඩ දෙන්න
ජීවිතේ අපිට එක
එක නැවතුම් , ඇරඹුම්, පසුබෑම් නිතර නිතර අත්විදින්නට වෙනවා.කෙනෙක් තමන්ගෙ ජීවිතේ
ගැන කලකිරිල ඉන්න වෙලාවක ආයෙත් ජීවිතේ ගැන පොඩිහරි බලාපොරොත්තුවක් දැනෙන විදිහෙ
මොකක් හරි පොඩි දෙයක් හරි වෙනවනම්.. ඒකෙ මාර ලල් එකක් තියෙනව නේද?? අහිමි උන දේවල්
ආයෙ ජීවිතේට එන්නෙ නෑ.. ඒ ගැන හිතල හිත වට්ටගන්න එකවත් ආයෙ එයි කියල හිත රවට්ට
ගන්න එකවත් නෙමෙයි ජීවිතේ කියන්නෙ..
හැමදෑම කෙනෙකුට
දෙයක් නොලැබෙන්නෙ නෑ.. ඌට අයිති දේ කවද හරි කොයි විදිහෙන් හරි ජීවිතේට එනවා. ඒ
වෙනකම් බලා ඉන්න එකයි ජීවිතේ
ජීවිතේ ඇත්තේ
යාම් සහ ඒම් පමනක් නිසා මට ලැබුණු පුංචි
සතුට මං මගේ බලාපොරොත්තුව කරගන්නම්....
ඇවිත් යන්න
ඉර අවරට යන
සැන්දෑවක
වෙරළ ඉමට පෑයූ සද
කවදාවත්
නොදැකපු
ඹබ
එක් දිනකදි
හමුවුන සේ...
තව දවසක් මේ...
නෙත් මානෙට
ඇවිත් යන්න
එන්න
ඔබ මා හා අපි
නොදැකපු
ලෙන්ගතු කමක්
නොලබපු හැගීමක්
මිරිගුවක් යැයි
සිතුව මට
ජීවිතේ එක්
නැවතුමක
අහම්බෙන් මුනගැසුන
නොදන්නා පිරිසක්
සුන්දර ලෙන්ගතු
මිතුදමක්
සමග
හිමිවිය...
අන්සතු නුඹ
ඔබ
Friday, December 20, 2013
චෝගම් ආතල්
නැති
බැරි මිනිස්සු
දහදුක් විදල හම්බකරන
තුට්ටු දෙකට
බදු ගහල
රට ඉදන්
සමුළුවලට එන ආගන්තුකයන්ගෙ
බඩකට පුරවන්න
මනදොල පුදන්න
කෝටි ගනන් වියදම් කරද්දි
කන්න දෙයක් නැතිව
ඉස්කෝලෙකට යන්න විදියක් නැතිව
තුට්ටු දෙකෙන් ජීවිතය ගොඩනගාගන්න හදන
මිනිස්සුන්ට
පාලකයො
එක රැයක් එළීවෙද්දි
ආශ්චර්යය පෙන්වන්න විදපු දුකනම්...
.
.
කියල වැඩක් නෑ......
Subscribe to:
Posts (Atom)